නිල් මැණිකකින් නිර්මිත වටිනා බුදු පිළිමයක් සමඟ 04ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –පෞරාණික වටිනාකමකින් යුත් නිල් මැණිකකින් නිර්මිත අගල් 02ක් පමණ වූ බුදු පිළිමයක් රුපියල් කෝටි 600ක මුදලකට විකිණීම සදහා සූදානම් කර තිබියදී මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේ දී මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(04) සවස 3.00ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 26, 30 හා 40වන රඹෑව, අනුරාධපුරය, පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද(05) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − seven =