අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින්න

(කොළඹ, ලංකාපුවත්) –සමාජය තුළින් කොරෝනා රෝගියෙකු හමු වීමත් සමඟ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පැනවුව ද අනවශ්‍ය ලෙස භාණ්ඩ එක්රැස්කර ගැනීමේ අවශ්‍යතාවක් නැති බව සෞඛ්‍ය අංශ ජනතාවට අවධාරණය කරයි.

අවශ්‍ය වන්නේ අනවශ්‍ය ගමන් බිමන් වලින් වැලකී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිලිපැදීම පමණක් බව ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කර සිටියේ නිරෝධායන ඇඳිරි නීතිය පොලිස් බල ප්‍රදේශ 03කට පමණක් සීමා කර ඇත්තේ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් වැඩි වශයෙන් සිටින ප්‍රදේශ නිසා බවයි.

වේයන්ගොඩ , දිවුලපිටිය සහ මිනුවන්ගොඩ වන පොලිස් බල ප්‍රදේශවලට පැනවු ඇඳිරි නීතිය මේ වන විට ක්‍රියාත්මක වේ.

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින කාන්තාවට කොවිඩ්-19 ආසාදනය වූ ආකාරය මෙතෙක් තහවුරු වී නොමැත‍.

යුද හමුදාපතිවරයා පවසන්නේ මේ හේතුවෙන් ජනතාව වැඩි අවධානයක් යොමුකර අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකී සිටීම වැදගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *