69කට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව වාර්තා වේ.

මේ වන විටත් අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක් දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවට ලක්කර ඇති අතර එම ඉතිරි වාර්තා අද ලැබීමට නියමිත බව ද හමුදාපතිවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 3 =