ඇඳිරිනීතිය කාලයේ අධිකරණ කටයුතු සිදුවන අයුරු දැනුවත් කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් – 19 වසංගත තත්ත්වය යටතේ අධිකරණ කටයුතු සිදු කරන ආකාරය හා පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්‍ෂන උපදෙස් පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් දැනටමත් සියලු අධිකරණ වෙත දැනුම් දී ඇතැයි අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා පවසයි.

එසේම ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවග අදාළ දිනයන්ට නියමිත නඩු සදහා වෙනත් දිනයන් ලබා දීමටත් එම දිනයන් පිළිබඳව එකී අධිකරණ පරිශ්‍රවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කිරීමටත් අවශ්‍ය උපදෙස් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් දැනටමත් අදාළ අධිකරණ වෙත දැනුම් දී ඇත.

ඒ අනුව ඇඳිරිනීති තාලය අවසන් වූ පසුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අදාළ අධිකරණ පරිශ්‍රවලට ගොස් තමාගේ නඩු සම්බන්ධයෙන් යළි කැඳවීම් කරන දිනය ලබා ගත හැකි බව අදාළ පාර්ශවයන් වෙත දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *