ඩෙංගු හිස එසවීම වැළැක්වීමට ජාතික මදුරු මර්දන සතියක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ දැනට උද්ගතවී ඇති කොරෝනා පැතිර යාමේ උවදුර මැද ඩෙංගු රෝගය හිස එසවීම වැළැක්වීම සදහා ඔක්තෝබර් 14වනදා සිට 21වනදා දක්වා සතිය ජාතික මදුරු මර්දන සතිය ලෙස නම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

පසුගිය වසර 05ක කාලසීමාවට සාපේක්‍ෂව බලන විට මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීම අඩුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

2018 වසරේ ඩෙංගු රෝගීන් 51,659ක් වාර්තා වී ඇති අතර 2019 වසරේ එම සංඛ්‍යාව 105,049කි. ඩෙංගු රෝගය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 158කි. මෙම වසරේ වාර්තා වී ඇති රෝගීන් ගණන 27,870ක් වන අතර මරණ 33ක් වාර්තා වී ඇත.

දිවයිනේ කොළඹ, මහනුවර, ගම්පහ, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය, රත්නපුර, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක මෙම වසරේ වැඩි වශයෙන් රෝගීන් වාර්තා වූ දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන තිබේ.

ඩෙංගු උවදුර නිවාරණය කිරීම සදහා අවම වශයෙන් සතියකට විනාඩි 30ක් වත් වටාපිටාව පිරිසිදු කිරීමට කටයුතු කරන ලෙස මහජනතාවගෙන් සෞඛ්‍ය අමාතයංශය ඉල්ලීමක් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *