ධවල මන්දිර කාර්ය මණ්ඩල සේවකයින් රැසකට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) –ධවල මන්දිර කාර්ය මණ්ඩල සේවකයන් රැසකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිර උපදේශක සහ එහි සේවයේ නියුතු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු විශාල පිරිසකට කෝවිඩ් වෛරසය වැළදී ඇති බව සදහන් වේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෛසරය ආසාදනය වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව දින තුනකට පසු නැවතත් ධවල මන්දිරයට පැමිණ තිබේ. ඔහු ප්‍රකාශ කළේ ඔහුගේ ඉදිරි මැතිවරණ කටයුතු නොකඩවා ඉදිරියට ගෙන යාම අපේක්ෂාව බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 3 =