මිනුවන්ගොඩ Brandix ආයතනයේ සියළුම සේවක, සේවිකාවන්ට විශේෂ නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – ගම්පහ ප්‍රදේශයේ පදිංචි හෝ නවාතැන් ගෙන සිටින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලබන සියළුම සේවක සේවිකාවන්ට අද සවස 04.00ට පෙර වාර්තා කරන ලෙස ස්ථාන 10 ක් හඳුන්වා දී තිබන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විශේෂ දැනුම් දීමක් සිදු කරයි.

එම ස්ථාන වන්නේ,

ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය
ගනේමුල්ල පොලිස් ස්ථානය ඉදිරිපිට
මිනුවන්ගොඩ යකහටුව හන්දිය
වේයන්ගොඩ පොලිස් ස්ථාන ක්‍රීඩාංගණය
නිට්ටඹුව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
පල්ලෙවෙල තැපැල් කන්තෝරුව අසල
මීරිගම ප්‍රධාන බස්නැවතුම්පොළ
වීරගුල පොලිස් ස්ථානය ඉදිරිපිට
යක්කල මිරිස්වත්ත ප්‍රාදේශීය සභාව අසල
මල්වතු හිරිපිටිය නෙල්ලිගහමුල්ල ඉන්ධන පිරවුම්හළ අසල
වැලිවේරිය පොලිස් ස්ථානය අසල
කිරිඳිවැල වෑකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල
දොම්පේ පොලිස් ස්ථානය අසල
පූගොඩ පැල්පිට කණිෂ්ඨ විද්‍යාලය අසල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *