ශිෂ්‍යත්වය – උසස් පෙළ විභාගය ගැන තීරණය අද සවස

(කොළඹ, ලංකාපුවත්) – පවතින කොවිඩ් තත්ත්වය හමුවේ අ.පො.ස (උසස් පෙළ) සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත දිනයේදී පැවැත්වෙන්නේද නැද්ද යන තීරණය අද (07) සවස 2කට ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් ජී. එල්. පීරිස් මහතා මහතා ඒ බව සඳහන් කළේය.

මේ පිළිබඳ ප්‍රකාශ කෙරෙන විශේෂ මාධ්‍ය හමුවක් අද(07) සවස 02.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *