හේමාස් රෝහල් සමූහය රෝහල් කාර්ය මඩුල්ලේ සහ රෝගීන්ගේ සුරක්ෂිතබව කෙරෙහි කැපවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI න්තර්ජාතික ප‍්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය සිය කාර්ය මඩුල්ලේ සහ රෝගීන්ගේ සුරක්ෂිත බව පිළිබඳව ඉහළම අවධානය යොමුකරමින් රෝගීන්ගේ සුරක්ෂිතබව සඳහා වන ජාත්‍යන්තර දිනය සමරන ලදි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබූ මෙම ජාත්‍යන්තර දිනයෙහි මෙවර තේමව බවට පත් වූයේ ‘‘රෝගීන්ගේ සුරක්ෂිතබව ආරක්ෂා කිරීමට නම් රෝහල් කාර්ය මණ්ඩලය ද සුරක්ෂිත විය යුතුයි ’’ යන්නයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට කොවිඞ් 19 වසංගතය හමුවේ රෝගයට ගොදුරු වූ ප‍්‍රතිශතය අතරින් 14ක් රෝහල් කාර්ය මණ්ඩලයට අයත් වූ බැවින් රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීමට නොදෙවනි අවධානයක් රෝහල් කාර්ය මණ්ඩලය කෙරෙහි ද යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ශ‍්‍රි ලංකා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ සහ උපමාන නිවැරදිව ක‍්‍රියාත්මක කරමින් හේමාස් රෝහල් සමූහය පොදුවේ සිය රෝගීන් හා කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතබව වෙනුවෙන් පසුගිය කාලවකවානුව පුරාම විවිධ වැඩසටහන් දියත් කළේය.

සිය රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතබව පවත්වාගෙන යෑම සඳහා හේමාස් රෝහල් සමූහය ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය තෙවැනි වසරටත් හිමි කර ගැනීම හඳුන්වා දිය හැක. මෙම ප‍්‍රමිතිකරණය තුළින් රෝගීන්ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිත බව උපරිමයෙන් තහවුරු කරමින් මේ තත්වය ජාත්‍යන්තර මට්ටම තෙක් පැමිණ ඇති බව සඳහන් කර ඇත. මේ අනුව රෝගියකු හේමාස් රෝහල් සමූහයේ ගත කරන කාලය අඩු වී ඇති බව තහවුරු වී ඇති අතර රෝගීන්ගේ සුවපත් බව සඳහා ගතවන කාලය අඩු වී ඇත. ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සේවාවක් පවත්වාගෙන යෑම කෙරෙහි සලකා බැලෙන සියලූ නිර්ණායකයන් අඛණ්ඩව සිව් වසරක් පුරා පවත්වාගෙන යෑමට හේමාස් රෝහල් සමූහයට හැකිව තිබෙන බැවින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය හිමිකර ගත් පළමු ශ‍්‍රී ලාංකීය රෝහල් සමූහය බවට පත් වීමට හේමාස් රෝහලට හැකි විය.
කෝව්ඞ් 19 වසංගතය හේතුවෙන් ශ‍්‍රී ලංකාව වසා දැමූ අවස්ථාවේදී හේමාස් රෝහල විසින් හඳුන්වාදුන් බෝවන රෝගීන් සුරැුකිව සහ පහසුවෙන් රැගෙන යාහැක ලොව ප‍්‍රථම IPTC කුටිය ^infectious patient transportation chamber & රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව කෙරෙහි හේමාස් රෝහල් සමූහයේ කැපවීම මැනවින් පිළිබිඹු වු අවස්ථාවක් විය. කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය සහ එය බෝවීමේ ප‍්‍රවණතාවන් පිළිබඳව සැලකීමේදී මෙම වෛරසය පහසුවෙන් බෝහෝ පිරිසකට වැළඳීම සඳහා අවකාශයක් පවතින බැවින් කෝවිඞ් 19 වැළඳී ඇති බවට සැක කෙරෙන රෝගීන්ට හෝ බෝවන රෝගයක් වැළඳී ඇති රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී රෝහල් කාර්ය මණ්ඩලය සහ සෙසු රෝගීන් ආරක්ෂා කර ගැනීම මෙම ෂඡුඔක්‍ ගිලන් කුටිය මගින් අපේක්ෂා කළේය. අඩි 5ක උසකින් යුතු මෙම ගිලන් කුටිය මුළුමනින්ම ආවරණය වී ඇති අතර විශබීජ පිටතට පැමිණීම මුළුමනින්ම පාලනය කිරීමට සමත් ව ඇති බැවින් මෙබඳු රෝගීන් සමග කටයුතු කිරීමේදී විශබීජ හරණයට වැය වන කාලය ඉතිරි කර ගැනීම, වියදම් අවම කිරීම සහ කුඩා ඉඩ ප‍්‍රමාණයක් තුළ ආරක්ෂිතව රෝගියා හැසිරවීමට රෝහල් කාර්ය මණ්ඩලයට ආරක්ෂිත සහ සුවපහසුව රෝගියා ගෙන යෑමට හැකි වීම, මෙන්ම මෙහි ඇති වාතාශ‍්‍රය පාලනය කිරීමට ගෙන ඇති ක‍්‍රියාමාර්ග මගින් ඇතුළත පවතින බැක්ටීරියා හෝ වෛරස්වලින් අවට පිරිස් ආරක්ෂාවීමත් පිටත ඇති වෛරස් හෝ බැක්ටීරියා මගින් කුටීරය ඇතුළත සිටින රෝගියා ආරක්ෂා වීමත් සිදුවේ.

‘‘ 2020 වසර සුරක්ෂිත බව පිළිබඳව සුවසේවා ක්ෂේත‍්‍රයට වඩාත් අභියෝගාත්මක සහ ඇස් ඇරවූ වසරක් බවට පත්ව තිබෙනවා. මේ නිසා වෙනත් කාලයකට වඩා රෝගීන්ගේ සුරක්ෂිත බව මෙන්ම රෝගීන්ට ප‍්‍රතිකාර කරන රෝහල් කාර්ය මණ්ඩලයන් හි ආරක්ෂාව සඳහා අවශ්‍ය උපාංග සපයාදීමෙන් ඔවුන්ගේ ඵලදායීබව සහ රෝගීන්ට වඩාත් හොඳ සේවාවක් සැපයීම සඳහා වැඩි වැඩියෙන් කැපවීමට අපට සිදු වුනා. රෝගීන්වෙත වඩාත් සුරක්ෂිත සේවාවක් ලබා දීමට නම් දැනුමින් සන්නද්ධ, නිපුණතාවන් සහිත, කැපවීමෙන් සහ ප‍්‍රවේශම් සහගතව වැඩ කළ හැකි සේවක පිරිසක් අපට අවශ්‍ය වෙනවා.’’ යනුවෙන් හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වසංගත රෝග පවතින අවස්ථා වලදී ඉහළම අවදානමක් සහිත වෘත්තිකයින් පිරිසක් ලෙස සෞඛ්‍ය සේවා වෘත්තිකයින් හැඳින්විය හැකි බවයි. ‘‘ කායික වශයෙන් පැමිණිය හැකි අවදානම්වලට අමතරව මෙබඳු වසංගත අවස්ථාවන් වලදී සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇති විය හැකි විවිධ ගැටලූ හේතුවෙන් ඔවුනට ඇති ඉල්ලූම ඉහළ යන අතරම වැඩි පැය ගණනක් අඛණ්ඩව සේවය කිරීමට සෞඛ්‍ය සේවකයින්ට සිදු වෙනවා. පවුලේ සාමාජිකයින්ගෙන් වෙන්ව, වසංගත තත්වයන් හේතුවෙන් තමන්ගේ සෞඛ්‍යට සිදු වියහැකි අවදානම පිළිබඳව සිතමින් සේවය කිරීමේදී මොවුන් විශාල මානසික පීඩාවකට පත්වෙනවා. මේ තත්වය පිළිබඳව අපි දැඩිව අවදානය යොමු කළ බැවින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග පිලිබඳ විද්‍යායතනයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය නියාමනයන් අකුරටම දැඩිව පිළිපැදීමට කටයුතු කළේ විශේෂයෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය, රෝගීන් සහ පොදුවේ ශ‍්‍රී ලාංකිකයින්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහායි’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

රෝහලට ඇතුළු වන අවස්ථාවේදී රෝගීන්ගේ හා අමුත්තන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලෙන අතර නිරතුරුව සියලූ පරිශ‍්‍රයන් විශබීජ හරණයට ලක් කරනු ලැබේ. රෝගීන් සහ අමුත්තන්ට වෙන් වෙන් ව ආසන පැනවූ අතර රෝහල තුළ තදබදයක් ඇති නොවීමටත් සමාජ දුරස්ථකරණය උපරිමව පවත්වා ගැනීමට ද කටයුතු කෙරිණ. රෝහලේ සියලූ සේවකයින් කෝවිඞ් 19 වසංගතය පිළිබඳව හොඳින් දැනුවත් කළ අතර විශබීජහරණ ක‍්‍රියාවලිය දැඩිව ක‍්‍රියාවට නැංවින. රෝගීන් සමග කටයුතු කරන සේවකයින් ව මනාව පුහුණු කළ අතර එම අවස්ථාවන්වලදී භාවිතා කර ඉවත දමන සනීපාරක්ෂක උපාංග නිසි ලෙස බැහැර කිරීමටත් ඒවායින් සිදුවිය හැකි රෝග බෝවීම මුලූමනින්ම පාලනය කිරීමත් ක‍්‍රියාවට නැංවීය.
ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට සුවසේවාවක් පවත්වාගෙන යෑම සඳහා හේමාස් රෝහල් සමූහය තුළ වෘත්තීය අත්දැකීම් සහිත නිපුණතා සහිත සුවසේවා කාර්ය මණ්ඩලයක් දිවා රෑ දෙකෙහිම දැඩි කැපවීමකින් කටයුතු කරන අතර හදිසි නොවන සියලූ ශල්‍ය කර්ම සිදු කළ අවස්ථාවලදී රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සුරක්ෂිත බව හේතුවෙන් ශල්‍යකර්මයන්ට භාජනය වන රෝගීන් පරීක්ෂාවට භාජනය වීමෙන් අනතුරුව කෝවිඞ් 19 වැළඳී නොමැති බව තහවුරු වීමෙන් අනතුරුව ශල්‍යකර්මයන්ට භාජනය කරන ලදි. හසිදි අවස්ථාවලදී සිදු කරන කෘතිම ශ්වසනය වෙනත් රෝහලේ වෙනත් පරීශ‍්‍රයන්වලදී සිදු කළ අතර වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා පාරජම්බූල වායු ජීවානුහරණ පද්ධතියක් ද හඳුන්වා දෙන ලදි.

වර්ෂ 2008 දී වත්තල ස්ථාපිත කරන ලද හේමාස් රෝහල, රෝහල් ජාලයක් බවට වර්ධනය වී එහි දෙවැන්න තලවතුගොඩ ස්ථාපිත කරන ලදී. මීට අමතරව හේමාස් රෝහල් සමූහයට අනුබද්ධිත හේමාස් රසායනාගාර සමූහය දීපව්‍යාප්තව සිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි. ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රෝහල් ජාලයක් වන හේමාස් රෝහල සමුහය FMCG, සෞඛ්‍ය, ප‍්‍රවාහන සහ විනෝදාස්වාදය ඇතුළු අංශ රැසක විවිධාංගිකරණය වූ හේමාස් හෝල්ඩින්ග්ස් හී පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර ජාත්‍යන්තර මට්ටමින් යුත් ගුණාත්මක සහ ආරක්ෂිත සේවාවක් රෝගීන්ට සපයනු ලබයි.

හේමාස් රෝහල මේ වන විට සමාජ සද්කාරමය ක‍්‍රියාවලින් රැුසක් ද සිදුකරමින් සිටී. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයේ ළමා කටයුතු කාර්යාංශයත් සමග ක‍්‍රියාත්මක වන ‘‘පියවර” වැඩසටහනින් මේ වන විට රුපියල් මිලියන 400ක වියදමකින් ගුරුවරුන් 140 කට වැඩි ප‍්‍රමාණයක් හා ළමුන් 3200 සඳහා දිවයින පුරා පෙර පාසල් 53ක් ඉදිකර ඇති අතර ‘‘ආයති” සමාජ සද්කාරමය වැඩසටහන යටතේ කැලණිය විශ්විද්‍යාලය, මාස් හෝල්ඩින්ග්ස් සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාව සමග එක්ව ආබාධිත දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 650ක වියදමකින් රාගම රෝහලේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ද ඉදි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *