(කොළඹ, ලංකාපුවත්) – නිරිත දිග මෝසම් තත්ත්වය තරමක් සක්‍රීය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ විශේෂයෙන් නිරිත දිග කොටසේ සුළං සහ වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් යිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇති විය හැකිය.
එසේම නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.