උසස්පෙළ ප්‍රවේශපත්‍ර නොලැබුණු අයදුම්කරුවන්ට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාළව සියලුම පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ අයදුම් පත්‍රයන්හි සදහන් ලිපින වෙත ද මේවන විට තැපැල් කර යවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කරයි.

නමුත් මේවන තෙක් ප්‍රවේශපත්‍ර නොලැබුණු අයදුම්කරුවන් වෙතොත් අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස http://www.slexams.com ඔස්සේ බාගත කර ගැනීමේ හැකියාව පවතී.

මේ පිළිබඳ යම් ගැටළුවක් වෙතොත් ක්ෂණිත ඇමතුම් අංක 1911 ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකිය.

මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12වනදා සිට නොවැම්බර් මස 06වනදා දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648ක දී පැවැත්වේ. විභාගය සදහා අයදුම්කරුවන් 362,824දෙනෙකු අයදුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *