තැපැල් කටයුතු සීමා කරයි

(කොළඹ, ලංකාපුවත්) – මේ වන විට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයතු සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු ඔක්තෝබර් 17 වන දින දක්වා අත්හිටුවා ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

මධ්‍යම තැපැල් හුවමාරුව ඔස්සේ ව්‍යාපාරික තැපැල් සේවා ලබාගන්නා ආයතනයන්හී තැපැල් භාණ්ඩ තැපෑලට යොමු කිරීම සදහා සහකාර අධිකාරී (වාණිජ) අමතා සුදුසු වේලාවන් වෙන් කරවා ගෙන එම කටයුතු සිදුකළ යුතු බව දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − fifteen =