දින 60ක කාලයක් සඳහා විශේෂ නිවාස ණය සේවාවක් ලබා දීමට HNB, ප‍්‍රයිම් සමූහය සමඟ අත්වැල් බැඳ ගනී

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) බැංකුකරණයේ පෙර ගමන්කරු ලෙස ගනුදෙනුකාරභවතුන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමට ප‍්‍රයිම් සමූහයට අයත් දේපල සඳහා හිමිකම් කියන අනාගත නිවාස හිමිකරුවන්ට විශේෂ පොලී අනුපාත හා ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීම සඳහා මෙරට දේපල වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන ප‍්‍රයිම් සමූහය සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර ඇත.

මෙම හවුල්කාරීත්වය යටතේ ප‍්‍රයිම් සමූහය විසින් පාරිභෝගිකයින්ට දින 60ක කාලයක් සඳහා සමූහයට අයත් ඉඩම්, නිවාස හා තට්ටු නිවාස ආදිය සඳහා විශේෂ ප‍්‍රවර්ධනයක් ලබා දෙනු ඇත. HNB හි පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර (පුද්ගල මූල්‍ය සේවා), කාංචන කරුණාගම, ප‍්‍රයිම් සමූහයේ සම-සභාපති, සඳමිණි පෙරේරා සහ ප‍්‍රයිම් සමූහයේ අධ්‍යක්ෂ, නලින්ද හීනටිගල යන මහත්ම මහත්මීන් අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගී විය.

‘‘රටේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව ලෙස, HNB ගනුදෙනුකාරභවතුන්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට හැකි උපරිම දේ ලබා දීමට සෑම විටම කටයුතු කර තිබෙනවා. එනිසා, ප‍්‍රයිම් සමූහය සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාවය මගින් අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකාර පදනමට ඔවුන්ගේ සිහින නිවහන හිමි කර ගැනීමට අවස්ථාව ලබා දීමට අපට හැකි බව අපට විශ්වාසයි,’’ යනුවෙන් HNB හි පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.

ප‍්‍රයිම් සමූහය විසින් ලබා දෙනු ලබන ඉඩම් දේපළ හා තට්ටු නිවාස සඳහා හිමිකම් කීමට කැමති ඕනෑම අනාගත නිවෙස් හිමියෙකුගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි වෙළෙඳපොළේ පවතින වඩාත් නම්‍යශීලි හා සාධාරණ ණය සේවා HNB ලබා දෙනු ඇත. තවද, මේ සඳහාම කැපවූ බැංකුවේ නිළධාරීන් ගනුදෙනුකාරභවතුන්ගේ නිවෙස් වෙතටම ගොස් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් වන උපදේශන සේවා ලබා දීමට අමතරව නෛතික හා ලියකියවිලි සම්බන්ධ අවශ්‍යතා සඳහා ද පූර්ණ සහයෝගය ලබා දෙනු ඇත.

සැප්තැම්බර් සිට ඔක්තෝම්බර් දක්වා මෙම ප‍්‍රවර්ධනය ක‍්‍රියාත්මක වන කාලය තුළ බැංකුව විසින් විශේෂ පොළී අනුපාතයක් ලබා දෙන අතර මෙහි විශේෂත්වය වන්නේ දින 3ක් වැනි කෙටි කාල සීමාවකින් නිවාස ණය සඳහා අනුමැතිය ලබා දීමයි.

‘‘මේ ආකාරයේ හවුල්කාරීත්වයන් තුළින් අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සිහින නිවහන මිලදී ගැනීමට අවශ්‍ය පහසු ගෙවීමේ විසඳුම් ලබා දීමට අපට අවස්ථාව ලැබෙනවා. එමනිසා, අප සමූහයට අයත් ඉඩම්, නිවාස සහ තට්ටු නිවාස ආදිය තුළින් අනාගත නිවාස හිමිකරුවන්ගේ සිහින සැබෑ කිරීමට පහසුකම් සැලසීම සඳහා HNB සමඟ අත්වැල් බැඳ ගැනීම පිළිබඳව අප සතුටු වනවා,’’ යනුවෙන් ප‍්‍රයිම් සමූහයේ සම-සභාපති, සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවාය.

ප‍්‍රයිම් සමූහය විසින් කිංසි පාර, රාජගිරිය, බොරැල්ල, කොළඹ 5 හා කඩවත යන ප‍්‍රදේශවල පිහිටි ප‍්‍රයිම් රෙසිඩන්සීස් හි අනාගත නිවාස හිමිකරුවන්ට තට්ටු නිවාසයක් සඳහා ආයෝජනය කරන විට රුපියල් මිලියනයක් දක්වා වූ සුවිශේෂ වට්ටමක් ලබා දෙනු ඇත. මීට අමතරව, අදාල ගනුදෙනුව සඳහා වැය වන නෛතික ගාස්තුව මෙන්ම සහාධිපත්‍ය කළමනාකරණ ගාස්තුව ද මාස 6ක් සඳහා සමාගම සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.

මෙම ප‍්‍රවර්ධනය පිළිබඳ වැඩි විස්තර HNB පාරිභෝගික මධ්‍යස්ථානවලින් සහ ප‍්‍රයිම් සමූහයෙන් 011-2462462 HNB හෝ 0710 777 666 ප‍්‍රයිම් සමූහය ඇමතීමෙන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − fourteen =