මිනුවන්ගොඩ පොලිසිය අද පස්වරුවේ යළිත් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මිනුවන්ගොඩ පොලිසිය අද (09) පස්වරුවේ නැවත විවෘත කිරීමට අපේක්ෂා කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම පොලිස් ස්ථානයේ ආපනශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේදී තහවුරු වීමත් සමග මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වසා දැමීමට පියවර ගැනුනි.

පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරින් 85 දෙනෙකුගේ සිදුකල PCR පරීක්ෂණ වලින් ඔවුන් කිසිවෙකුටත් වෛරසය ආසාධනය වී නොමැති බව මේවන විට තහවුරු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *