A/L හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ තොරතුරු රැස් කරයි

(කොළඹ, ලංකාපුවත්) – මෙවර උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් සිදු කර තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස 2020 වර්ෂයේ දී පැවැත්විමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලු ම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත.

ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලු ම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු ය.

https://info.moe.gov.lk වෙබ් අඩවියට පිවිස අදාල තොරතුරු ඇතුළත් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − eleven =