සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවසටම

(කොළඹ, ලංකාපුවත්) – රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස වෙත ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

වර්තමානයේ ඇතිව තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිදන්ගත රෝග සහිත වැඩි වයස් ජන්‍කාට්ඨාස රෝහල් සායන වෙත පැමිණීම සුදුසු නොවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා පවසයි.

ඒ අනුව යම් රෝගියෙකුගේ සායනික බෙහෙත් ලබන අගහරුවාදා(13) සිට නිවෙස වෙත බෙදා දීමේ රජයේ වැඩපිළිවෙලක් සකස්කර ඇත.

ඒ අනුව විශේෂයෙන් ගම්පහ, කොළඹ දිස්ත්‍රික්ක තුළ පළමුව මෙම වැඩසටහන ආරම්භ කර දීපව්‍යාප්තව බෙදාදීමට කටයුතු සම්පාදනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *