තවත් කොවිඩ් ආසාදිතයන් 49ක්

(කොළඹ, ලංකාපුවත්) –මිනුවන්ගොඩ කොවිඩ් පොකුරින් තවත් ආසාදිතයින් 49 ක් හඳුනා ගැනේ.

ඉන් 32 දෙනෙක් අදාළ ඇගළුම් ආයතනයේ සේවකයන් වන අතර , අනිකුත් 17 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වන බව යුයුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඉන් 32දෙ‍නෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි ඇඟලුම් කම්හලේ සේවකයන්ගෙන් හඳුනාගෙන ඇති අතර අනෙක් 17දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් සේවකයින්ගේ සමීපතමයන් වේ.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් ආසාදිතයින් ගණන 1446කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 5 =