නිදහස් දින සමරු උළෙළේ සංවිධාන කටයුතු සඳහා අනුකමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –ලබන පෙබරවාරි මස 04 වෙනිදාට යෙදෙන 73වන නිදහස් දින සමරු උළෙළේ සංවිධාන කටයුතු සදහා අනුකමිටුවක් පත් කිරීමටද කැබිනට් අනුමැතිය හිමිවෙයි.

එහි සභාපති ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇත.

එසේම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 1 =