ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම් අතරට ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රීලංකාවේ ජාතික ගුවන් සේවයවන ශ්‍රී ලංකන් ගුවන් සේවය “Conde Nast Traveller 2020” පාඨක තේරීමේන් ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම් අතරට එක්ව තිබේ.

ඒ අනුව ලොව විශිෂ්ටතම ජාත්‍යන්තර ගුවන් සමාගම් සම්බන්ධව සිදුකරන ලද සමීක්ෂණයේදී හයවන ස්ථානය ශ්‍රීලංකන් ගුවන් සමාගමට හිමිව ඇති අතර පාඨකයින් විසින් ගුවන් සමාගමේ සුවපහසු ව්‍යාපාරික පන්තියේ ආසන, සුහදශීලී ගුවන් කාර්යමණ්ඩලය සහ රසවත් ආහාර පාන සම්බන්ධයෙන් ප්‍රශංසා සිදුකරමින් සිය මනාපය ලබා දී තිබේ.

මෙම කාණ්ඩය යටතේ ජයග්‍රාහකයින් තෝරා ගැනීමේදී සලකාබලන ලද සාධක වූයේ සාමාන්‍ය ගුවන් ගමන්වල දී ගුවන් සමාගම් විසින් ගනුලැබූ සෞඛ්‍යාරක්ෂිත බව, ආරක්ෂාව සහ වර්තමාන තත්ත්වය තුළ දැනුවත් භාවය උදෙසා ගුවන් සමාගම් විසින් සිදුකරනු ලැබූ අලෙවිකරණ වැඩසටහන් යනාදියයි. “Conde Nast Traveller 2020” පාඨක සම්මාන සමීක්ෂණය ආරක්ෂිත වෙබ්අඩවියක් හරහා සිදුකරන ලද අතර, මේ වසරේ ප්‍රතිඵල ලබාගැනීම 2020 අප්‍රේල් මස 01 දාසිට 2020 ජුනි මස 30 දක්වා කාලය සළකා බලන ලදී. එහි දී ලක්ෂ සංඛ්‍යාත ප්‍රතිචාර දැක්වූවන්ගෙන් මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකරන ලදී.

Conde Nast Traveller යනු සුඛෝපභෝගී සහ ජීවන රටා සම්බන්ධයෙන් ලොව පිළිගත් සංචාරක සඟරාවක් වන අතර එය Condé Nast විසින් ප්‍රකාශයට පත්කරයි. මෙම සඟරාව වර්ෂ 1909 දී Condé Montrose Nast විසින් ආරම්භ කරන ලද අතර එහි අයිතිය Advance Publications සතුවේ. එහි මූලස්ථානය නිව්යෝර්ක්හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටා ඇත. මෙම සඟරාව ජාතික සඟරා සම්මාන 25 ක් දිනා තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ පැවසීය. “Conde Nast Traveller 2020” පාඨකයින් විසින් ව්‍යාපාරික සංචාර සඳහා හොඳම ගුවන් සමාගමක් ලෙස පිළිගැනීමට ලැබීම අපට ගෞරවයක්.අපගේ මගීන් කෙරෙහි අවධානය යොමු කිරීම, විශිෂ්ට සේවාවක් සැපයීම අපගේ ප්‍රමුඛතාවය වෙනවා. මෙම සම්මානය එය සාක්ෂාත් කර ගැනීම සඳහා ලැබුණූ තවත් සාක්ෂියක්” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් ගුවන්සමාගමේප්‍රධානවිධායකනිලධාරිවිපුලගුණතිලකමහතා සඳහන් කළේ පුළුල්ව්‍යාපාරිකහාවිවේකගමනාන්තවෙතගුවන්යානා26ක්සමඟින්ශ්‍රීලංකන් ගුවන්සේවය කර්මාන්තයේප්‍රමිතියඅඛණ්ඩවපවත්වාගෙන ඇති බවයි.

ශ්‍රීලංකන් ගුවන්සේවය සම්බන්ධයෙන් මෙම සඟරාවේ අදහස වූයේ ගුවන් සේවය මාලදිවයින ඇතුලු කලාපයේ ගමනාන්ත වෙත සංචාරකයින්ගේ ඉහළම තේරීමක්වන බවයි. එසේම ගුවන්යානා 26 කින් යුත් විශාලතම විදේශීය ගුවන් සේවයක් ලෙස මෙහෙයුම් සිදුකරමින් පහසුකම් සලසන අතරම වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකත්වය නිසාම එය සංචාරකයන් අතර ඉතා හොද තේරීමක් වී ඇති බවයි.

ශ්‍රීලංකන් ගුවන්සේවය වර්ෂ 1979දී දියත් කරන ලද අතර එහි සේවා සුවපහසුව, ආරක්ෂාව,විශ්වසනීයත්වය සහ වෙලාවට වැඩකිරීම සඳහා හොඳ නමක් දිනා ඇති සම්මානලාභී ගුවන් සමාගමකි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් ගෝලීය මාර්ග ජාලයට පහසු සම්බන්ධතා සපයන අතර පුළුල් බඳ සහිත A330 ගුවන්යානා, A321ගුවන්යානා සහ මධ්‍යම ප්‍රමාණයේ A320 ගුවන් යානා ඇතුළු ගුවන් යානා 26කින්ගුවන් සේවය සමන්විතවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *