පාකිස්තාන මහ කොමසාරිස් හා විදේශ ඇමති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තානයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛහට්ටක් මහතා, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව ඊයේ(14) හමුවිය.

වෙළඳ හා ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම, සංචාරක, සංස්කෘතික හා අධ්‍යාපන කටයුතු ඇතුළු විවිධ කරුණු පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡාවක් එහිදී පැවැත්විණි.

පාකිස්තානයේ මහ කොමසාරිස්වරයා සදහන් කර සිටියේ සියලු සංවර්ධන, වෙළඳ, අධ්‍යාපන, පුහුණු සහ සංචාරක යන අංශ සඳහා ශ්‍රී ලංකාවට ප්‍රබල සහයෝගයක් ලබා දෙන බවය.

පාකිස්තානය, ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා ඉතා සමීප බවත්, අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගවේෂණය කිරීමෙන් සහ දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමෙන් පවත්නා මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි බවත් එහිදී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × one =