ශ්‍රීලංකන් කේටරින් ශ්‍රී ලාංකික ආහාර සමගින් කල් තබා ගත හැකි ශීත කළ ආහාර හඳුන්වාදෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකන් කේටරින් අංශය ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර ආහාර රටාවන් සමගින් කල් තබා ගත හැකි ශීත කළ ආහාර හඳුන්වාදීමට කටයුතු යෙදා තිබේ. ආරම්භයේ දී එම ආහාර ශ්‍රී ලංකාවේ දී ත් පසුව ජාත්‍යන්තර වශයෙන් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ඉදිරියේ දී මෙම ආහාර ශ්‍රීලංකන් කේටරින් වෙළඳ නාමය යටතේලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින් වෙත ගෙන යනු ඇත.

හොඳම තත්ත්වයේ, ශීත කළ ආහාර සඳහා වන ඉහළ ඉල්ලුමට විසඳුමක් ලෙස ශ්‍රීලංකන් කේටරින් ‘Cuisine Gastronome’යන නමින් මෙම ආහාර රටාවන් සකසා ඇති අතර එය නැවුම් අමුද්‍රව්‍ය වලින් සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය වලින් සාදා ඇත. ‘Cuisine Gastronome’ප්‍රණීත ආහාර රසයන් සහ දේශීය හා විදේශීය ප්‍රියතම රසවත් ආහාරරැසක් පිරිනමන අතර ඒවා මිනිත්තු කිහිපයකින් විශිෂ්ට ආහාර වේලක් සඳහා පහසු මෙන්ම ඉක්මන් විසඳුමක් ලබා දෙයි.

Cuisine Gastronome’s වෙතින් පුළුල් පරාසයක විහිදුණු දේශීය ප්‍රියතම ආහාර වන කලු පොල් පොලෝස් ඇඹුල සමඟ දේශීය රතු සහල්, කුකුළු මස් ව්‍යංජන සහිත ශ්‍රී ලාංකික කහ බත් පිළිගන්වනු ලැබේ. එසේම ජාත්‍යන්තර විශේෂිත ආහාර වන Penne Pasta in Rich Sundried Tomato Sauce, තායි ස්වීට් චිලී සමග වොක් ෆ්‍රයිඩ් නූඩ්ල්ස්, Cannelloni Stuffed with Rich Creamy Chicken, Polo Cacciatore Italiano with Penne Pasta, English Country Lamb & Mint Pie, and a variety of other delectable meals සහ තවත් රසවත් ආහාර වර්ග රැසක්ම නිවසේ සිට සුවපහසුවෙන් භුක්ති විඳීම වෙනුවෙන්මසකසා ඇත. මෙම රසවත් හා සෞඛ්‍ය සම්පන්න ආහාර පිළියෙල කරනු ලබන්නේ ශ්‍රීලංකන් කේටරින් හි නවීනතම මුළුතැන්ගෙයි සිටින ඉහළ පුහුණුවලත් පළපුරුදු සූපවේදී කාර්ය මණ්ඩලයක් විසිනි. එම ආහාර අමුද්‍රව්‍ය ලබා ගැනීම, ඇසුරුම්කරණය සහ බෙදා හැරීම දක්වාසෑම ආකාරයකම සනීපාරක්ෂාව සහ තත්ත්ව පාලනය පිළිබඳ ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වේ. ශ්‍රීලංකන්කේටරින් හි ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහ එහි විශිෂ්ටත්ව ප්‍රමිතීන් වෙනුවෙන් ගෝලීය සම්මාන ඇතුලු සම්මාන රාශියක් දිනා ගෙන තිබේ.

Cuisine Gastronomeහඳුන්වාදීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ සරල හා පරිභෝජනයට පහසු වන පරිදි හොඳම ගුණාත්මක, අව්‍යාජ ශ්‍රී ලාංකික ආහාර රැසක් ලොවට ගෙන යාමය.රට තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත හොඳම තත්ත්වයේ, කෑමට සූදානම් ආහාර වේලක අවශ්‍යතාවයට පිළියමක් වශයෙන් දේශීයව ශ්‍රීලංකන් කේටරින් වෙළඳ නාමය යටතේ අලෙවි කිරීමට කටයුතුයොදා ඇත. පවතින කෝවිඩ් -19 වසංගතය හමුවේමෙම ආහාර දේශීයව අලෙවි කිරීමේ සඳහා ඉතා පහසු කාර්යභාරයක් ඉටු කළේය.ලොව පුරා ජාත්‍යන්තර ගුවන් ගමන් නවතා දැමූ විට, ගෝලීය ශීත කළ ආහාර ව්‍යාපෘතිය කඩිනම් කිරීමටත්, ආදායම් උත්පාදනය සඳහා වෙනත් මාර්ග ගවේෂණය කිරීමටත්, මෙම නවතම ආහාර ශ්‍රී ලංකාව තුළත් හඳුන්වා දෙමින්, අවසානයේදී විදේශයන්හිත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ශ්‍රීලංකන් කේටරින් හි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේය.

ශ්‍රී ලංකන් කේටරින් ලිමිටඩ් පුද්ගලික සමාගමක් ලෙස 1979 දී එයාර් ලංකා ආහාර සැපයුම් සේවාකරු ලෙස සිය මෙහෙයුම් ආරම්භ කළේය. පසුව එම සමාගම BOI අනුමත වූ අතර 1998 දී ශ්‍රීලංකන් කේටරින් එයාර් ලංකා ලිමිටඩ් හි පූර්ණ හිමිකාරීත්වය දරන සමාගමක් බවට පත්විය. එය දැන් ශ්‍රීලංකන් කේටරින් අංශය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුර්ණ අනුබද්ධ සමාගමක් වන අතර එය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ක්‍රියාත්මක වන සියලුම ගුවන් සේවා සඳහා ආහාර පාන සපයන එකම ගුවන්යානා සැපයුම්කරු වේ. ශ්‍රී ලංකන් කේටරින් එමිරේට්ස්, එතිහාඩ්, කටාර් එයාර්වේස්, KLM, කැතේ පැසිෆික්, මැලේසියානු ගුවන් සේවය, එයාර් චයිනා, ඕමාන් එයාර්, කොරියානු ගුවන් සේවය, Turkish Airlines and UIA ඇතුළු බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසකට සේවා සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − four =