රිෂාඩ් බදියුදීන්ගෙන් රීට් පෙත්සමක්

(කොළඹ, ලංකාපුවත්) –තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොණු කරනු ලැබීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ නීති කඩ කිරීමේ චෝදනාවකට අදාළව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පෙරේදා දිනයේදී පොලිසියට උපදෙස් ලබාදුන්නේය.

පසුගිය ජනාධිපතිවරණයේදී අවතැන්වූවන් පිරිසක් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීමෙන් මැතිවරණ නීති කඩ කල බවට රිෂාඩ් බදියුදීන් මහතා ඇතුලු 03 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *