ඇඟලුම් කම්හලට ආ කොරෝනා වෛරසයේ මූලාශ්‍රය ගැන ඉඟියක්

(කොළඹ, ලංකාපුවත්) –මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොරෝනා ආසාදිත පොකුරෙහි මුලාශ්‍රය පිළිබඳව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉඟි පළකර තිබේ.

ඒ අනුව ඔහු පවසන්නේ මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව විදේශ රටවල සිට පැමිණි අයෙකුගේ ආශ්‍රිතයෙකුගෙන් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර ආරම්බ වී ඇති බවට සැකපළකරන බවයි.

අදාළ තොරතුරු ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නිශ්චිතව අනාවරණය කෙරෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *