විපක්ෂය 20 ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගැනීම කල් දැමීමේ කුමන්ත්‍රණයක

(කොළඹ, ලංකාපුවත්) – 20 ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගැනීමට එරෙහිව විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් රහස් සාක්ච්ඡාවක් පෙරේදා සිදු කර ඇති බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටියි.

කොවිඩ් 19 තත්ත්වය ඉදිරියට ගෙන කෙසේ හෝ 20වන ව්‍යවස්ථා සංශෝධනය කල් දමා ගන්නා ලෙස මෙහිදී සාකච්ඡා වී ඇත. විපක්ෂයේ මන්ත්‍රීවරුන්, ජාතික ජන බලවේගය හා අනෙකුත් විපක්ෂ නියෝජනය කරන පක්ෂ නායකයින් මේ සදහා එකඟතාවය පලකර ඇත.

“20 වන ව්‍යවස්ථා සංශෝධනය 2/3 බහුතරයකින් අනිවාර්යෙන් සම්මත වෙනවා. ඒ නිසා කොහොම හරි කොවිඩ් වසංගතය ගැන කියලා විවාදය කල් දාමු” මෙහිදී ප්‍රකාශ වී ඇත.

ඒ අනුව ඊෙය් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායකවරයා වෙත දන්වා ඇත්තේ කොවිඩ් තත්ත්වය නිසා 20වන ව්‍යවස්ථා සංශෝධනය කල් දමන ලෙසයි. කෙසේ වෙතත් මහමැතිවරණයට පෙර කොවිඩ් 19 පැවතියද විපක්ශයේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට හා මැතිවරණය කල් දමා ගැනීම සදහා පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙස බල කලේද මේ විපක්ෂයේ කණ්ඩායමම වීම හාස්‍යයට කරුණක් බවත් එම ආරංචිමාර්ග සදහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *