කැතේ පැසිෆික් එයාර්වේස් රැකියා කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) –තම ගුවන් සමාගමට අයත් සමාගමක් වන කැතේ ඩ්‍රැගන් සමාගම වසා දැමීමට තීරණය කළ බව කැතේ පැසිෆික් එයාර්වේස් ගුවන් සමාගම නිවේදනය කර ඇත.

ඒ අනුව, එහි රැකියාවේ නියුතු 8,500 දෙනෙකුට රැකියා අහිමි වී ඇත.

කැතේ ඩ්‍රැගන් ගුවන් යානා ප්‍රධාන වශයෙන් චීනයට සහ තවත් ආසියානු රටවල් කිහිපයකට සේවා සපයනු ලැබීය.

“කැතේ පැසිෆික් ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක වසරයි” යනුවෙන් ඒහි සභාපති පැට්‍රික් හීලි මාර්ගගත ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. “අනාගතය ඉතා අවිනිශ්චිතව පවතී. මෙම අර්බුදය වඩාත් ගැඹුරු වන අතර යථා තත්ත්වයට පත්වීමේ මාවත කෙටි මාස කිහිපයකට පෙර කිසිවෙකු සිතුවාට වඩා මන්දගාමී යි.” යනුවෙන් ද සදහන් කළේය.

හොං කොං හි මූලස්ථානය පිහිටි කැතේ පැසිෆික් සමාගම පවසන්නේ මව් සමාගම සතු යානා ඉන් සමහර ගමනාන්ත සඳහා යොදවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 2 =