ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහන ධාවනය කළ හැකි ආකාරය

(කොළඹ, ලංකාපුවත්) –නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහන ධාවනය සිදුකිරීමට බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද (21) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායනය ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇත.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මෙම ඇඳිරි නීතිය සඳුදා අලුයම 05 දක්වා ක්‍රියාත්මක බවයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින්ට සහ උසස් පෙළ විභාගය සඳහා පෙනි සිටින සිසුන්ට නිරෝධායන ඇඳිරි නීතිය බලපැමක් නොවන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × five =