බංග්ලාදේශ් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක්ට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) –‍බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ක්‍රිඩා පුවත් වෙබ් අඩවි වාර්තා කරයි.

19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පුහුණු කඳවුරකට සහභාගී වී සිටි ක්‍රීඩකයින් තිදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රීඩා සංවර්ධන කළමනාකරු ඒඊඑම් කව්සාර් සදහන් කර ඇත්තේ අදාළ ක්‍රීඩකයින් සමග සමීපව කටයුතු කළ සියලු ක්‍රීඩකයින් නිරෝධායනයට ලක්කිරීමට සහ කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකිරීමට තීරණය කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − fifteen =