රුසියාව නිපදවූ එන්නත පළමුව වෛද්‍යවරුන්ට සහ ගුරුවරුන්ට

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසයට එරෙහිව තම රටේ නිෂ්පාදනය කළ එන්නත ලබන මාසයේ ආසාදිතයින්ට ලබාදෙන බව රුසියාව පවසයි.

ඒ අනුව මෙම එන්නත වෛද්‍යවරුන්ට සහ ගුරුවන්ට මුලින්ම ලබාදීමට නියමිතය.

පසුගිය අගෝස්තු මාසයේ මෙම එන්නතට රුසියානු ආණ්ඩුවේ අනුමැතිය හිමිවූ අතර එන්නත නම් කර ඇත්තේ ‘ස්පුට්නික් වී’ ලෙසයි.

ඒ, 1957 වසරේදී සෝවියට් දේශය විසින් අභ්‍යාවකාශ ගතකළ ලොව ප්‍රථම චන්ද්‍රිකාව සිහිවීම පිණිසයි.

එන්නතේ සායනික පරීක්ෂණවල අවසන් අදියර සඳහා මේ වන විට පුද්ගලයෝ 40,000 ක් පමණ සහභාගි වී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + five =