උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි

උසස් පෙළ කඩයිම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 5 වන දා සිට එම මස 31 වනදා දක්වා පැවැත්වුණු අතර විභාගය සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37, 704 දෙනෙකු පෙනී සිටියේය.

ඒ, නව විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක්ලක්ෂ 98,229ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 39,475 දෙනෙකු ලෙසය.

උසස් පෙළ ප්‍රතිඵල පසුගිය වසරේ දෙසැම්බර් මස 27 වන දින නිකුත් කරන ලදි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *