රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07කට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 07 දෙනෙක් කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා.

ඔහු තවදුරටත් පැවසුවේ, ළමුන් සමග සිටින මව්වරු තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි.

මේ අතර රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු 02ක දැරියකට සහ ඇයගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය ඔක්තෝබර් 20 වන දින හඳුනාගැනුණා.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම දැරියගේ පියා ද ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *