මඩකලපුව දිස්ත්‍රික්කයේ ගව පාලනය පිළිබදව විශේෂ සමික්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) –මඩකලපුව දිස්ත්‍රික්කයේ ගව පාලනය පිළිබදව විශේෂ සමික්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අග්නිදිග විශ්ව විද්‍යාලයේ කළමණාකරණ හා වාණිජ පීඨයට දැනුම් දීමට තීරණය කළාය.

අදාළ වාර්තාව සතියක් තුළ තමන්ට ලැබීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද එම පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්.ගුණපාලන් මහතාගෙන් ඉල්ලා සිටියාය.

පසුගිය දා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවති විශේෂ හමුවකදි ආණ්ඩුකාරවරිය පීඨාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදු කළාය. ඒ අනුව, අදාළ වාර්තාවට මඩකලපුව දිස්ත්‍රික්කයේ ගව පාලනය සඳහා කොපමණ ඉඩම් ප්‍රමාණයක් අවශ්‍යද, නිදහසේ සිටින ගවයින් සඳහා තෘණභූමි කොපමණ අවශ්‍යද යන්න විශේෂ අවධානයක් යොමු කරන ලෙසද ආණ්ඩුකාරවරිය ඉල්ලීමක් කළාය.

දැනට නිදහසේ සැරිසරන ගවයින්ගේ අයිතිකරුවන් එම ගවයින් පිළිබඳව කිසිදු තැකීමක් නොකරන අතර ඔවුන්ට අවශ්‍ය ආහාර, ජලය, පිළිබඳවවත් සොයා බැලීමක් නොකරන බවද ආණ්ඩුකාරවරිය මෙහිදි කියා සිටියාය.

ගව පාලනයට අවශ්‍ය භූමි හදුනාගෙන ඉතිරිය කෘෂිකර්මාන්තය සඳහා වෙන් කර හඳුනාගැනීමේ අරමුණින් මෙම විශේෂ සමීක්ෂණය සිදු කිරීමට ආණ්ඩුකාරවරිය තීරණය කර තිබේ.

මේ අවස්ථාව සදහා නැගෙනහිර පළාත් මාර්ගස්ථමගී ප්‍රවාහන අධිකාරියේ සභාපති චාමර නිලංග මහතාද එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *