මෙරට කොරෝනා මරණ ගණන 19 දක්වා ඉහලට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් වාර්තා වන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා මරණ ගණන 19 දක්වා ඉහල ගොස් ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 19ක් සහ අවුරුදු 70ක් වන දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනාම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි

මියගිය කාන්තාව පාදයේ ආබාධ තත්ත්වයෙන් පසුවී ඇති අතර සතියක පමණ කාලයක් රෝගී වී සිට ඇති බව සඳහන්.

මියගිය 19 හැවිරිදි තරුණයා උපතින්ම ආබාධිත අයෙකු බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − three =