රොනල්ඩෝ කොරෝනා නීති කඩයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා ආසාදිතයකු බවට රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටියදී ඉතාලියට පැමිණීම හේතුවෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන බව ඉතාලි ක්‍රීඩා ඇමැති වින්සෙන්සෝ ස්පැඩෆෝරා ප්‍රකාශ කළේය.

මීට සති දෙකකට පෙර රොනල්ඩෝ කොරෝනා ආසාදිතයකු බව අනාවරණය වූයේ ඔහුගේ මවුබිම වන පෘතුගාලයේදීය. එහෙත් ස්වයං නිරෝධායන ක්‍රියාවලියේ නිරතවීමට සෞඛ්‍ය බලධාරින් විසින් කරනු ලැබූ නියෝගය පැහැර හරිමින් ඔහු ඉතාලියේ ගිවිසුම්ගත ජුවෙන්ටස් පිලට ක්‍රීඩා කිරීමට යළි පැමිණ සිටී.

පෘතුගාලයේ සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරිමින් ඔහු කටයුතු කර ඇත්තේ කොරෝනා නීතිරෙගුලාසිවලට පටහැනිව බව ඉතාලි ක්‍රීඩා ඇමැති වැඩි දුරටත් සඳහන් කරයි. කොරෝනා ආසාදිතයකු බැවින් ඔහුට ගුවන් ගමන් ද තහනම් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *