රට ලොක්ඩවුන් එකකට යාමේ අවශ්‍යතාවක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දිවයින පුරා ලොක්ඩවුන් කිරීමට අවශ්‍ය නොවන බව රජයට විශ්වාස කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියි. ඔහු පැවසුෙව් දිවයින පුරා අගුලු දැමීමකින් තොරව තත්වය කළමනාකරණය කිරීමට රජය අවධානය යොමු කරන බවයි.

ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල ජනතාවගේ ගමන් බිමන් සීමා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

කොරෝනා වෛරසයේ ප්‍රජා ව්‍යාප්තියක් තිබේද නැද්ද යන්න පිළිබඳව සැඟවීමට කිසිවක් නොමැති බව රජය අවධාරණය කළේය.

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව රජය සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *