මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර 5607 තෙක් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් – 19 ආසාදිත පොකුර 5607 දක්වා ඊයේ (28) වන විට ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දිනකදී සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 10,704 ක් ලෙස පෙරේදා (28) සිදු කළ අතර මේ වන විට සමස්තයක් ලෙස පී.සී.ආර්. පරීක්ෂණ 450,000ක් පමණ සිදු කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම පොකුර ආශ්‍රයෙන් පෙරේදා (28) දින 457ක් වාර්තා වී ඇති අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයන් 8ක් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතයන් 156ක් වයිරසය ආසාදනයට ලක්ව ඇත.

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 32ක් ඊයේ (28) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සමස්තයක් ලෙස මෙතෙක් වාර්තා වූ ආසාදිතයන්ගෙන් 4075ක් පූර්ණ සුවය ලබා ඇත.

මේ වන විට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 8870ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *