පවන්දනවි සුළං විදුලි බලාගාරයේ ටර්බයින් දෝෂය යථා තත්ත්වයට

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලම, නොරොච්චෝලේ ස්ථාපිත “පවන්දනවි” සුළං විදුලි බලාගාරයේ කුළුණු ටර්බයිනයක ඇතිවූ යාන්ත්‍රික දෝෂය විදුලිබල අමාත්‍යවරයාගේ උපදෙස් මත බලාගාර නිලධාරීන් විසින් මේ වනවිට යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන තිබේ.

විදුලිබල අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් (LTL) සතු මෙම සුළං විදුලි බලාගාරය මගින් මෙගාවොට් 10 ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරනු ලැබේ. කිලෝවොට් 850 බැගින් වූ කුළුණු 12 කින් සමන්විත පවන්දනවි සුළං විදුලි බලාගාරයේ ඒ වනවිට ක්‍රියාත්මකව පැවති කුළුණු 03 න් එක් කුළුණක එකී දෝෂය හටගෙන ඇති අතර අදාළ කුළුණේ ටර්බයිනයේ ගියර් පද්ධති සිසිලන ද්‍රව කාන්දුවීමක්, දෝෂයට හේතුවී ඇතැයි බලාගාර නිළධාරීන් කරුණු පැහැදිළි කරයි.

මේ වනවිටත් ඉහත දෝෂය යථා තත්ත්වයට පත්කර ඇති අතර ඊට අදාළ ට්‍රාන්ස්ෆෝමර් යන්ත්‍රයේ අළුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, දින කිහිපයක් ඇතුළත යළිත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *