පාස්කු කොමිසම තාවකාලිකව අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම කොමිසම තීරණය කර තිබේ.

මෙම තීරණය ලබන සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වන බව කොමිසමේ ලේකම් පී.බී. ‍හේරත් මහතා කියා සිටි. විමර්ශන කටයුතු නැවත ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් ලබන සෙනසුරාදා තීරණය කරන බවද පැවැසූ ලේකම්වරයා රට තුළ පවතින කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර ගත් බවද කියා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) දිනයේදී කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *