20 වැනි සංශෝධනය අද සිට බලාත්මක වේ – කතානායක අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය 22 වැනිදා තුනෙන් දෙකකට වැඩි බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද(29) සිට බලාත්මක වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ එම සංශෝධන කෙටුම්පතට සිය අත්සන තබා ඇති අතර ඒ අනුව එය නීත්‍යනුකූල ලියවිල්ලක් බවත් පත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *