ශ්‍රී ලංකාවේ නවතම COVID-19ට ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ඇතැයි හෙළිවේ

(කොළඹ, ලංකාපුවත්) –මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරයන නව කොරෝනා වෛරස ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය මීට පෙර අවස්ථාවේදී රටේ ව්‍යාප්ත වෙමින් තිබු කොවිඩ් වෛරස ප්‍රභේදයට වඩා හාත්පසින්ම වෙනස් එකක් බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

මේ වන විට මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසය ‘B.1.42‘ යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරසයක් බව සදහන් වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් එම පර්යේෂණය සිදුකර ඇති අතර මීට පෙර මෙරට හමුවු කන්දකාඩු පොකුර B.1, B.2, B 1.1 සහ B.4 යන කාණ්ඩවලට අයත් වේ.

නමුත් දැනට පැතිරෙන මෙම වෛරසය B.1.42 කියන වෛරසය බවත් එම වෛරසයේ විශේෂ ලක්ෂණය නම් ඉතාම කෙටි කාලයකින් විශාල පුද්ගලයින් ප්‍රමාණයකට පැතිරීමය.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය තවදුරටත් පර්‍යේෂණ සිදු කරමින් පවතී. එසේම මේ පිළිබඳ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ද යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *