ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක්

(කොළඹ, ලංකාපුවත්) –ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මගින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ජන මාධ්‍ය සහ අනෙකුත් ආයතන 84ක සේවකයන් සඳහා ඔවුන්ගේ රාජකාරි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිතා කිරීමට අවස්ථාව සලසා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

මෙම චක්‍ර ලේඛනය නිකුත් කරනු ලැබුවේ යම් හෙයකින් ඇඳිරි නීතිය දීර්ඝ කරනු ලැබුව හොත් එසේ තිබියදීම රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ජන මාධ්‍ය සහ අනෙකුත් ආයතන පවත්වා ගැනීම මහජන ජන ජීවිතයට පවත්වා ගැනීම අත්‍යවශය කාරණයක් නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් එම පිරිස් සිටින්නේ ආසාදිත කලාපයක නම් එම ආයතනයේ ප්‍රධානීන් අදාළ සේවකයන් ගෙන්වා නොගැනීමට කටයුතු කළ යුතු අතර ආයතනයේ සියලු සේවකයන් එකම දිනයකදී ගෙන්වනවා වෙනුවට යම් කිසි ආකාරයක සැලැස්මක් අනුව සතියකට දින කිහිපයක් සේවකයන් ගෙන්වා ගැනීම සිදු කිරීමට ක්‍රියා කළ යුතු යැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් රාජකාරි හැඳුනුම්පත භාවිතා කළ හැකි වන්නේ රාජකාරියකට පමණක්ම බවත් කිසිම අවස්ථාවක පෞද්ගලික කරුණු සඳහා රාජකාරි හැඳුනුම්පත භාවිතා නොකරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *