පූර්ණ සුවය ලැබූ 506ක් පිටව යති

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 506 දෙනකු පූර්ණ සුවය ලබා ඊයේ (01) රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

දිනක් තුළදී සුවය ලැබූ වැඩිම සංඛ්‍යාව එය වන බවත් මෙම පිරිස පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ද ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ තවත් දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක් කරන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.

ජාතික බෝ වන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් සහ වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන 45 ක ආසාදිතයන් 5738 ක් ප්‍රතිකාර ලබමින් සිටින අතර පූර්ණ සුවය ලැබූ 4905 ක් රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද හෙතෙම පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + 15 =