බස්නාහිර පළාතේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අනිද්දා විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇදිරිනීතිය පැවතියද අනිද්දා(04) සිට තොග වෙළදාම් සඳහා පමණක් මෙම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණය කර තිබෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදිල ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාගේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(02) අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී මෙම තීරණ වලට එළඹි බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව රත්මලානල නාරාහේන්පිටල බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථානවල සේවකයන් හෙට (03) දින පීසීආර් පරීක්ෂණ වලට ලක්කොට එම මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම ආර්ථික මධ්‍යස්ථාන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඇතුලු නිලධාරීන්ගේ නිරීක්ෂණයට අද ලක් වුණි. ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද ජනතාව අපහසුතාවයට පත් නොවන පරිදි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙල මෙලෙස ක්‍රියාවට නැන්වීමට රජය තීරණය කර තිබේ. සිල්ලර වෙළඳාම මෙම ආර්ථික මධ්‍යස්ථාන වල සිදු නොවන බවත්, බලපත්‍ර සහිත තොග වෙළදුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීමට මෙම සාකච්ඡාවේ දී තීරණය කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

එක් ආයතනයකට වාහන 15 ක් සඳහා බලපත්‍ර නිකුත් කොටල සුපිරි වෙළඳ සංකීර්ණ ද විවෘත කොට භාණ්ඩ බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය මේ වන විටත් ක්‍රියාත්මකව පවති. එසේම වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කඩිනමින් විවෘත කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + three =