මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ් පොකුරු 7378ට නඟී

(කොළඹ, ලංකාපුවත්) –මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් – 19 පොකුරුවලට අදාළව වයිරසය ආසාදිතයන් 7378ක් ඊයේ (01) වන විට වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,856 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

වයිරසය ආසාදිතයන් 4399 ක් මේ වන විට ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයන් 6244 ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

කොරෝනා වයිරසය ආසාදිතයන් 239 ක් පෙරේදා (31) දිනයේ හඳුනාගෙන ඇත.

මේ වන විට කොරෝනා ආසාදිත මරණ 21ක් සිදුව තිබේ.

කොවිඩ් – 19 වයිරසය ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණ 250,000 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − 2 =