22වැනි මරණය කොරෝනා මරණයක් ලෙසට නොසැලකේ

(කොළඹ, ලංකාපුවත්) –ඔක්තෝම්බර් 31 දින පානදුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිටි 27 හැවිරිදි පුද්ගලයාගේ මරණ කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූවක් නොවන බවට තීරණය කර ඇත.

මෙම මරණයට කොරෝනා වෛරසයේ දායකත්වයක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේය.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් නිකුත් කළ නව නිවේදනය පහතින් දැක්වේ.

2020 ඔක්තෝබර් මස 31 වන දින පානදුර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදිතයෙක් බව පසුව තහවුරු කරන ලදී. මෙම පුද්ගලයා කොවිඩ් 19 ආසාදිතයන් අතර සිදුවු 22 වන මරණය ලෙස වසංගත රෝග විද්‍යා අංශය විසින් වාර්තා කරන ලදී. එහෙත් මෙම මරණයට කොවිඩ් 19 රෝගයේ දායකවීමක් නොමැත.

කොවිඩ් 19 රෝගයේ බලපෑම තක්සේරු කිරීම සඳහා වැදගත් වන්නේ එම රෝගයේ දායකත්වයෙන් සිදුවන මරණ බැවින් එම මරණය වෙනම වාර්තා කිරීමට තීරණය කර ඇත.

මේ අනුව මේ දක්වා ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 නිසා සිදුවු මරණ සංඛ්‍යාව 21ක් පමණක් බව වාර්තා කරමි

වෛද්‍ය සුදත් සමරවීර
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 15 =