22 වන කොරෝනා මරණය පානදුරයේ

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය ඔක්තෝබර් 31 වන දින පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව එය මෙරට දී සිදුවු 22 වන කොවිඩ් මරණය ලෙස සෞඛ්‍ය බලධාරීහු පවසති.

මියගිය පුද්ගලයා 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර, ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එසේම එම මරණය සියදිවි නසාගැනීම හේතුවෙන් සිදුවුවක් ලෙස වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =