මෙරට 22වන කොවිඩ් මරණය වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරට 22වන කොවිඩ් ආසාදිත මරණය වාර්තාවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි කාන්තාවකි.

ඇය මියයෑමට ආසන්නතම හේතුව කොවිඩ් නිව්මෝනියා තත්ත්වය ලෙස වාර්තා වේ.

පසුගිය 01වනදා කොළඹ ජම්පටාවීදියේ නිවසකදී මියගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරන ලද එම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් කරන ලද PCR පරීක්ෂනයකදී ඇය කොරෝනා ආසාදිතයෙක් බව අනාවරණ වී තිබේ.

මෙම මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනාගෙන ඇති අතර අනෙකුත් සාමාජිකයන්ද නිවාස නිරෝධායනයට ලක්කර ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − 5 =