මෙවර වැඩිපුර සිසුන් 10,000 කට විශ්වවිද්‍යාල වරම්

(කොළඹ, ලංකාපුවත්) –මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට වසරක් තුළ බඳවා ගැනෙන වැඩිම අමතර සිසුන් සංඛ්‍යාව ලෙස සිසුන් 10,000 කට මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

පසුගිය වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇතුළත් කරගත් ශිෂ්‍ය සංඛ්‍යාව තිස් දහසකි.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් අභියාචනා ඇත්නම් ඒවා විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.

2019 වසරේ නව විෂය නිර්දේශය සහ පැරණි නිර්දේශය යටතේ අපොස උසස්පෙළ විභාගය සමත් සිසුන් හතලිස් එක්දහස් පන්සීයක් මෙවර ඇතුළත් කර ගැනීම අපේක්ෂාවයි.

සෞභ්‍යාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් වැඩිපිරිසකට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉඩ සැළසීම අරමුණු කරගනිමින් මෙය සිදුවේ.

මේ අනුව, පසුගිය වසරට සාපේක්ෂව

වෛද්‍ය පීඨයට 371 දෙනෙකු

ඉංජිනේරු පීඨයට 405 දෙනෙකු

නීති පීඨයට 126 දෙනෙකු

ජෛව තාක්ෂණ සහ ඉංජිනේරු පීඨය සඳහා සිසුන් 350 දෙනෙකු වැඩිපුර බදවා ගැනීමට නියමිතය.

එමෙන්ම කළමනාකරණ පීඨය සඳහා 900 දෙනෙකු ශාස්ත්‍ර පීඨය සදහා 815 දෙනෙකු මෙන්ම කෘෂිකර්ම, විද්‍යා ඇතුළු අනෙකුත් උපාධි පාඨමාලා සඳහා සිසුන් 6000 ක් වැඩිපුර බදවා ගැනීමට සැළසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *