අමෙරිකා ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවදුරටත් සිදු කෙරේ.

මිලියන ගණනක තැපැල් ඡන්ද ප්‍රතිඵල ලැබීමත් සමග ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් ජයග්‍රහණයට තවදුරටත් ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙතෙක් ප්‍රතිඵල නිකුත් නොවු තීරණාත්මක ප්‍රාන්ත හතරකින් දෙකක ඉදිරියෙන් සිටින ජෝ බයිඩ්න් අනෙක් ප්‍රාන්ත දෙකේ ද ප්‍රතිවාදියා සමග පවතින පරතරය අවම කරගෙන තිබේ. ඒ අනුව බයිඩ්න් එම ප්‍රාන්ත දෙක ජයග්‍රහණය කළහොත් ජනාධිපතිධූරයට පත්වීම සදහා අවශ්‍ය කොට්ඨාශ නියෝජිත ඡන්ද දෙසීය හැත්තෑව සම්පූර්ණ කරනු ඇත.

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙතෙක් හිමිව ඇති කොට්ඨාශ නියෝජිත ඡන්ද සංඛ්‍යාව දෙසීය දාහතරකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + 17 =