එයාර්ටෙල් ලංකා මුළු දිවයිනම සුපිරි 4G තාක්ෂණයෙන් බලගැන්වීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම ශ‍්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ^TRCSL& වෙතින් 4G ජාල ආවරණය සඳහා වූ සංඛ්‍යාත පරාසය සාර්ථකව හිමි කර ගත් අතර ඒ අනුව සමාගම නුදුරේදීම මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් ආවරණය කරනු ඇත.

ඉහළ සංඥා විකාශනයක් සහිත 850MHz සංඛ්‍යාත පරාසය තුළ එයාර්ටෙල් 4G සේවා ක‍්‍රියාත්මක වනු ඇත. පුළුල් ආවරණ ජාලයක් සමඟ වඩාත් හොඳ ගෘහස්ත ආවරණයක් සහිත සුපිරි 4G ජාල අත්දැකීමක් බවට මෙය පරිවර්තනය වනු ඇත.

ඒ අනුව, එයාර්ටෙල් ගෝලීය අයෝජන සමූහයෙන් පරිශීලකයින්ට එයාර්ටෙල් 4G ජාල ආවරණය හරහා විනෝදාස්වාදය හා self-care අරමුණු කර ගත් පුළුල් පරාසයක නව්‍ය යෙදවුම් පෙළක් මගින් හොඳම ඩිජිටල් අත්දැකීම් වෙත පිවිසීමට බලාපොරොත්තු තබා ගත හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා සමාගමේ, ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘අපට 4G ජාල ආවරණය සම්පූර්ණ කිරීමට අවශ්‍ය සහාය ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට සහ TRCSL හට අප ස්තූතිවන්ත වනවා. මෙමගින්, දිවයින පුරා සිටින පරිශීලකයින්ට ජාත්‍යන්තර මට්ටමේ සුවිශාල හා හොඳම 4G සේවා ලබා දීමට අප බලාපොරොත්තු වනවා. නිවසේ සිට කාර්යාලීය වැඩ කටයුතු කිරීමට හා මාර්ගගත අධ්‍යාපනයේ යෙදීම අද පවතින තත්වය අනුව අත්‍යාවශ්‍ය වී ඇති අතර එයද, සැලකිල්ලට ගනිමින් 850MHz සංඛ්‍යාත පරාසය තුළින් අපගේ පරිශීලකයින්ට සුපිරි ගෘහස්ත ආවරණයක් සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් අධි වේගී ජාල අත්දැකීමක් ලබා දීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *