“සුවෙන් සිටිමු Stay Safe” ඩිජිටල් යෙදවුම හෙට සිට

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් වසංගත තත්වය හමුවේ රෝගීන් ආසාදිතයන් ගේ සංචරණ හදුනාගෙන වෛරසය පැතිරයාම වලක්වාගැනීමත් එදිනෙදා කටයුතු නිදහසේ කරගෙන යාම සදහා “සුවෙන් සිටිමු Stay Safe , නමින් නමින් නව ඩිජිටල් යෙදවුමක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් හදුන්වා දී ඇත.

මෙම වැඩපිළිවෙල සෙනසුරාදා(07) සිට ක්‍රියාත්මක වනු ඇත. ඒ සදහා සියලු පාර්ශවයන්ගේ සහාය අපේක්ෂා කෙරේ .

තම ජංගම දුරකථනය උපයෝගීකරගෙන සෑ මකෙනකුටම මෙහි ප්‍රයෝජන ලබාගතහැකියි. රාජ්‍යය, පෞද්ගලික ,වෙළදසැල් පොදු ප්‍රවාහන සේවා හිමියන්ට staysafe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තම ආයතනය ලියාපදිංචි කිරීමෙන් QR කේතයක් ලබාගත හැකියි. එය තම ආයතනවල ,ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන අතර QR සංකේත පුවරුව (පොටෝකොපි) දුරකතනයෙන් ස්කෑන් කිරීමෙන් හෝ තම දුරකථනයෙන් 1919 ට සෙනසුරාදා ඉන් පසු ඇමතීමෙන් එම ආයතනයට පිවිසෙන සෑම පුද්ගලයකුටම මිට සම්බන්ධවිය හැකියි.

යන එන හැමතැනකදිම මෙම QR සංකේත පුවරුව ස්කෑන් කිරීමෙන් තමන් එම ස්ථානයට පැමිණීම හා පිටවීම තොරතුරු එමගින් එම ස්ථානයේ ආසදිතයෙක් හෝ රෝගියකු ගැවසී ඇත්නම් තමන් ඊට නිරාවරණය වී ඇත්නම් ස්වයක්‍රීයව තමාටම දැනගැනීමට හැකිවේ. එමගින් ආරක්‍ෂාකාරිව සැරිසැරීමට හැකියාව ලැබේ. අවශ්‍යය
ස්මාට් දුරකථන පහසුකම් නොමැති කෙනකුට කෙටි පණිවිඩ මගින් තොරතුරු ලබා ගනිමට ද පහසුකම් ඇත. මේ අනුව පොදු ස්ථානවල තොරතුරු සටහන් පොත් තැබිමට අවශ්‍යය නොවේ.

ලෝකයේ බොහෝ රටවල් මෙවැනි ක්‍රම අනුගමනය කරන අතර එමගින් පුරවැසියන්ට මෙවැනි වසංගත අවස්තාවක නිදහසේ එදිනෙදා කටයුතු කරගෙන යාමට ඉඩ සැලසීම අරමුණයි.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) හදුන්වාදෙන මෙම යෙදවුම සදහා ශානක පෙරේරා, නිසු මේයන් ,ක්රිස්ටෝපර් අදිකාරම්,කනිෂ්ක බණ්ඩාර යන ස්වේච්ඡා මෘදුකාංග වෘත්තිකයන් ගේ පුර්ණ දායකත්වය ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + 11 =